Idea Group Limited ගැන

ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්හි සිඝ්‍රලෙස ව්‍යාප්ත වන ප්‍රමුඛ පෙලේ ව්‍යාපාර ජාලයක් ලෙස idea Group Limited ආයතනනය හැදින්විය හැකිය. සිවිලිම, i-Panel, KALAHARI, IRONORI, BEST500, ICO TILE ආදී වූ ශ්‍රී ලාංකික වෙලදපොලේ ප්‍රචලිත සන්නාම රැසක හිමිකරුවා බවට idea Group Limited ආයතනය පත්ව ඇත.
මෘදුකාංග සංවර්ධනය කිරීමේ සමාගමක් ලෙස 2008 දී ආරම්භ වූ ව්‍යාපාරය වර්තමානය වන විට සමාගම් 14ක් දක්වා ව්‍යාප්ත වී ඇත. වර්තමානයේ දී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම කෙරෙහි වඩා වැඩි නැඹුරුතාවයක් දක්වන අප ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනස්කම් රැසක් සිදු කිරීමට සමත්ව ඇත.නවෝත්පාදන වෙළෙඳ පොළට හදුන්වා දෙමින්, සොබාදහම සමග අත්වැල් බැඳගත් ඉහළම වගකීමක් සහිත නිෂ්පාදන පෙළක් පාරිභෝගික ජනතාව වෙත සමීප කරවීම අප ආයතනයේ ප්‍රධාන අරමුණ වේ.

"සියන" ගැන

කවදත් අලූත්ම සංකල්ප තුළින් වෙළෙඳ පොළ නිම් වළලූ පුළුල් කළ අප ව්‍යාපාරයේ මීළඟ අලූත්ම සන්නාමය "සියන" ලෙසින් ඔබ වෙත හදුන්වා දෙන්නේ ඉමහත් ගෞරවයෙනි. නිවසක, ගොඩනැගිල්ලක වහලය සහ සිවිලිම සඳහා අවශ්‍ය සියලූම උපාංග එකම ස්ථානයකින් පාරිභෝගිකයාට මිළදී ගැනීමේ අවස්ථාව මේ හරහා උදා කර දෙනු ඇත. වහලයක් සදහා ඇතුරුම් නිෂ්පාදන සොයමින් එක් ස්ථානයකින් තවත් ස්ථානයකට යමින් නිකරුනේ කාලය නාස්ති කිරීමට සිදුවන අපහසුතාවය "සියන" නිෂ්පාදන සංකල්පය තුළින් සම්පූර්ණයෙන්ම අවසන් වෙයි.
නිවසක, ගොඩනැගිල්ලක වහල හා සිවිලිම සාදා නිම කර ගැනීමට අවශ්‍ය වන සියලූම නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය "සියන" තුළින් එකම වහලක් යටදී පාරිභෝගිකයාට ලබා ගත හැකි වන ලෙස අපගේ නිෂ්පාදන පෙළ සකසා නිමවා ඇත. මෙහිදී අප "සියන" පුවරුවක් සහිත ඕනෑම ස්ථානයකින් උසස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිපදවූ ගුණාත්මක බව සනාථ කළ වගකීමක් සහිත නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට විවෘත කරන්නේ අප ආයතනය හා බැදුණු පාරිභෝගික විශ්වාසයත් සමගිනි.